රැසිරු ළඳ අඟ පසඟ දක්වන
කුමරි බඹසර අකල හැරයන
මලවි අත රන් තැඹිලි ලෙලදෙන
නුහුරු පෙම කිම ලොවට පෙන්වන
හරිත වූ වන දසත වැඦඹෙන
සෙවන විණ රහතුන්ට පෙරදින
නොවුණ හික්මුණ පෙමින් මත්වුණ
කලණ ඔයබිම එයට නොහොබිණ
දැමුණු සිත මුණි පුදනු රිසියෙන
කුසුම අත ගෙන මලුව වෙත යන
දකින සඳ ඒ දැහැන විසිරෙන
සබඳ යෞවන නෙත් හරිනු මැණ
දිවයින-2017-12-01
Comments
Post a Comment