නංගියේ...

පරාජිත වූ පිලේ හිඳිමින්
නුඹ හඬන විට කඳුලු සලමින්
දිනූ මරු යළි පරදවන්නට
කඳුලු බිඳු මදි නංගියේ...

කොපුල් රූරා ගලන කඳුලින්
ඔහු රකින සේ යදී දෙවියන්
දේව වරමත් මරු දිනන්නට
මදි වෙලා අද පැංචියේ...

සසර කළකම් රිය සකක් මෙන්
පසුපසින් ඇවිදින්ද නොදනිම්
සුසුම් පොද ඔහු යදින දෙන්නට
වා ගැබත් මදි නංගියේ...

දිනමිණ වසත් සුළඟ
2018.06.26



Comments