අහෝ කුමරිය...!!!



ශ්වේත කගපත තෙමෙද්දී
රත් රුධිරයෙන් බිම වැගිරෙනා
නහඹ පිවිතුරු කුමරි සිටියා
පටිමාව සේ සිටගෙනා
කිසිඹි වත වන් ධීර වැදි රජ
කුමරිගෙන් නෙත නොගනිනා
නිශාකර වන් ධීමතාගේ
කවන්ධය විය බිම සිඹිමිනා


පතල යුවළට වියෝගය කිම
කතකගේ රාගය විනා
කොමළ සිත යළි සසල විය
කළ පව මතක්වන සැටියෙනා
නිසල දේහය දකින කුමරිගේ
නුවන තෙත්වන සැටි මනා
සිවල මෙහි නැත ඇගෙ සලුද නැත
සැණෙහි ඇගෙ නෙතු ඇහැරෙනා

පිංතූරය-මෙතැනින්

Comments