මහලු ළමිස්සී ....



කිරිකැටි සුරතල් දකින්න
හිමිගෙන් තරවටු විඳින්න
පින්මද ඇත්තී
මහලු ළමිස්සී

නුඹට කළින් නුඹේ වයස
නුඹ හැරදා දුරක ගිහින්
කඳුළු නෙතැත්තී
මහලු ළමිස්සී

නුඹේ නොවන නුඹේ හදවත
තවමත් නුඹ රිදවනවද
බිඳුණු සිතැත්තී
මහලු ළමිස්සී

නුඹට උරුම නැති පෙමකට
තවමත් පතිවත රකිනා
සොදුරු සිතැත්තී
මහලු ළමිස්සී

පිංතූරය මෙතැනිනි..

Comments