සැඳෑවේ මව් බිසව

වෙරක් නැතිකඩන්නට
තෙරක් නැති
මකුළු දැල්
නමුත් බුදු පහන ළඟ
මකුළුවන් නැති සේය...

දවල් තැම්බූ
කොස් ගෙඩිය
තව නරක් වී නොමැත
ඉතිරි තෙල් බිඳිත්තෙන්
හැකි පහන දල්වන්ට

වැඩුණු විහඟුන්
ගිහින්
ලොකු කැදලි තනාගෙන
සියක් ආයු ලැබු
පිනද මේ
තනිවම ගෙවන්නේ

බිංදු දෙක
නවරත්න තෙල්
අදටනම් ඇති වේවි
රාං රූං හඬ නගන
හිමි පපුව සනසන්ට
හෙටත් ණයටම දෙයිද
දොළොස්වැනි තෙල්
බෝතලය..




Comments